ගූගල් ඩ්‍රයිව් වෙබ් හොස්ට් නවත්වයි.
ගූගල් සමාගමේ ගූගල් ගිණුමකට නොමිලේ ලබාදෙන 20GBඔන්ලයින් ගූගල් ඩ්‍රයිව් එක තුල වෙබ් හොස්ට් කිරීම තහනම් කිරීමට ගූගල් සංවර්ධකයින් තීරණයකර තිබෙනවා.
ගූගල් සමාගමේ ගූගල් ගිණුමකට නොමිලේ ලබාදෙන 20GBඔන්ලයින් ගූගල් ඩ්‍රයිව් එක තුල වෙබ් හොස්ට් කිරීම තහනම් කිරීමට ගූගල් සංවර්ධකයින් තීරණයකර තිබෙනවා.
වෙබ් ඩිවලොප් කරන බොහෝ දෙනා ගූගල් ඩ්‍රයිව්'හි මෙම ඉඩකඩ හොස්ටින් සඳහා බාවිතා කිරීම සුලභ කාරණයක්. එහිදී වෙබ් හොස්ටින් සිදුකරන ආයතනවලට සිදුවන අලාභය හේතුකරගෙන ගූගල් මෙම තීරණය ගෙන ඇතැයි අනාවරණය වෙනවා. ගූගල් විසින් මෙය දැනුම් දුන් ආකාරය බලන්න.
මේ අනුව googledrive.com/host/ ලිපිනය අගෝස්තු මස 31 දිනෙන් පසු අක්‍රීය කරන බවත් දැනටමත් ඔබ ගුගල් ඩ්‍රයිව් හොස්ටින් සේවාව අත්විදින කෙනෙක්නම් එය වෙනත් හොස්ටින් සේවාවකට හරවන ලෙසත් අප ඔබව දැනුවත් කරන්නෙමු.