Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

iPhone 11 Pre Order Sri Lanka

$
0
0
ඇපල් සමාගම වසරක් පාසා තම නවතම නිර්මාණයන් එළිදක්වන key note නම් වැඩ සටහන පසුගිය දින අති සාර්ථක ලෙස පැවැත්වූවා. මෙහිදී වඩාත් වැදගත්ම අවස්ථාව වූයේ මෙම වසරේ නිකුත් කිරීමට නියමිතව තිබූ අයිෆෝන් 11 උපාංගය හදුන්වාදීමයි. ඔන්න එහෙනම් ඔවුන් හදුන්වාදුන් අයිෆෝන් 11 නිල වීඩියෝව බලලම මේ ගැන කතා කරමු. මේ වීඩියෝව දැනට views මිලියන 25ක් ඉක්මවා තිබෙනවා.ඇපල් සමාගමේ අලුත්ම අයිෆෝන් 11ගැන දැනගමු.

ඇපල් සමාගම වසරක් පාසා තම නවතම නිර්මාණයන් එළිදක්වන key note වැඩසටහන පසුගිය දින අති සාර්ථක ලෙස පැවැත්වූවා. 

මෙහිදී වඩාත් වැදගත්ම අවස්ථාව වූයේ මෙම වසරේ නිකුත් කිරීමට නියමිතව තිබූ අයිෆෝන් 11 උපාංගය හදුන්වාදීමයි. ඔන්න එහෙනම් ඔවුන් හදුන්වාදුන් අයිෆෝන් 11 නිල වීඩියෝව බලලම මේ ගැන කතා කරමු. මේ වීඩියෝව දැනට views මිලියන 25ක් ඉක්මවා තිබෙනවා.


Displayඑක අගල් 6.1ක් ද පිටුපස කැමරා දෙකක්ද ඇපල් සමාගමේ නවතම chip-set එක A13 මෙහි ඇතුලත්කර, බාහිර පෙනුම බොහෝ සෙයින් මීටපෙර නිකුත් වූ iPhone XRවලට සමානව මෙම අයිෆෝන් 11 නිර්මණයකර තිබෙනවා. නමුත් ඇතුලත Performance iPhone XR වලට සාපේක්ෂව ඉතාමත් ඉහලයි. ඇපල් සමාගමේ හදුන්වන පරිදි දැනට නිකුත්වී ඇති ස්මාර්ට් ජ‍ංගම උපාංග අතුරින් වේගවත්ම ස්මාර්ට් උපාං‍ගය මෙය වන බවයි.

මෙහි පිටුපස ඉහල කැමරාව 12MP wide-angleසහ පහත කැමරාව 12 MP ultra-wide dual camera පද්ධතියක් ඇතුලත් කර තිබෙනවා. ඒවගේම night mode optionඑක වඩාත් වැඩිදියුණුකර තිබෙනවා.


ඒවගේම අයිෆෝන් එකෙන් වීඩියෝවක් නරඹනවිට අයිෆෝන් එක වටා 3D sound effectඑකක් නිර්මාණය වෙනවා. මෙය Spatial Audio යන නමින් ඇපල් සමාගම හදුන්වනවා. ඉදිරිපස ඇති selfi කැමරා එක මගින් Slow motion selfie ලබාගැනීමට දැන් පුළුවන්. එම කැමරාවෙන්ම 4K (60fps) video recordකරන්නත් පුළුවන්.

ඔයාලා දන්නවා ඇති සෑම වසරකම අලුතෙන් අයිෆෝන් එකක් ආවම එම උපාංගවල මිල ගණන තරමක් ඉහලයි. නමුත් මෙවර ගියවර නිකුත්කල අයිෆෝන් XRවලට වඩා ඩොලර් 50ක් අඩුවෙන් තමයි iPhone 11හි මිල තීරණයකර තිබෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ වටිනාකම 699$ ක් වෙනවා. බාහිර පෙනුම තෝරාගැනීමට වර්ණයන් 6ක්ම මෙවර තිබෙනවා.


අයිෆෝන් 11 වලට අමතරව තවත් optionඇතුලත් අයිෆෝන් 2ක් මෙවරද ඇපල් සමාගම ලෝකයට හදුන්වාදුන්නා. එය හැදුන්වූයේ iPhone 11 Proසහ Pro Max යන නමිනි. බලන්න හදුන්වාදෙන වීඩියෝව.



iPhone 11 Proසදහා අඟල් 5.8Displayඑකක්ද, Pro Maxසදහා අඟල් 6.5ක ප්‍රමාණයෙන් යුතු Display එකක්ද ඇතුලත් වෙනවා. බැටරි බලය මින් පෙර නිකුත්වූ iPhone XRවලට සාපේක්ෂව තවත් පැය 4-5ත් අතර කාලයක් එකතු වෙනවා. Super Retina XDR displayඑකක් සහිතයි.



iPhone 11 Proජංගම දුරකථනය ඩොලර් 999ක මුදලකටත්, iPhone 11 Pro Max ජංගම දුරකථනය ඩොලර් 1099ක මුදලකටත් අලෙවි කිරීමට Apple සමාගම තීරණය කර ඇති අතර සැප්තැම්බර් මස 20වැනි දින සිට අලෙවි කිරීම් සිදු කරනවා.


අපේ රටේ අයටත් ඔන්න කලින්ම ඕඩර් කරලා මේ අයිෆෝන් 11 මිලදීගන්න අවස්ථාව කප්රුක ඔන්ලයින් වෙබ් අඩවිය විශේෂ වෙබ් පිටුවක් නිර්මාණය කර තිබෙනවා. ඔයාටත් උණු උණුවෙම අයිෆෝන් 11එකක් මිලදී ගැනීමට 👉 මෙතනින් පිවිස Pre Orderඑකක් දාන්න.

කප්රුක කියන්නේ අපේ රටේ වසර ගණනක සිට ඔන්ලයින් භාණ්ඩ සහ සේවා අලෙවිකරන වෙබ් අඩවියක් නිසා කිසිදු සැකයකින් තොරව අපි ඔබට මේ අවස්තාව Recommend කරනවා. මේ හරහා ගෙන්නන අයිෆෝන් 11සඳහා original apple company warrantyද ලැබෙන නිසා කිසිදු after service කිසිදු ගැටළුවක් සිදුවන්නේත් නෑ. 🙂👌



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>